සිහින කුමාරි මා දෙනෙතේ රඟනා - මිල්ටන් මල්ලවාරච්චි | Sihina kumari ma denethe rangana - Milton Mallawarachchi - sinhala lyrics


සිහින කුමාරි මා දෙනෙතේ රඟනා
සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා
සුවිසල් රටකින් සමුගෙන ආ මොහොතේ
ඔබ හැර දසුනක් නෑ මට මේ දියතේ

සුර අඟනුන්ගේ නෙත් සර වැදිලා
මිදිලා තිබු දෑසේ
සිහිල ගැලූ ඒ ඔබ දුටු මොහොතේ
මා හිතවත් දිගැසේ

සිහින කුමාරි මා දෙනෙතේ රඟනා
සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා

මින් පසු ඔබගේ දසුනෙන් කිසිදා
ඈත් නොවී ඉන්නම්
ඇස් දෙක වාගේ සෙනෙහස ඔබගේ
මහදේ සතපන්නම්

සිහින කුමාරි මා දෙනෙතේ රඟනා
සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා
සුවිසල් රටකින් සමුගෙන ආ මොහොතේ
ඔබ හැර දසුනක් නෑ මට මේ දියතේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - වර්නන් පෙරේරා




වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments

  1. මේකෙ මියුසික් නම් මාර modern ඒ කාලෙ හැටියට. ක්ලැරන්ස්ගෙ මියුසික් ආයෙ කියන්න දෙයක් නෑනෙ ඉතින්..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...