සොභා අලංකාරේ මුහුණේ - ජේ.ඒ. මිල්ටන් පෙරේරා | Sobha alankare muhune - JA Milton Perera - sinhala lyrics


සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //

සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එළේ //
ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //

පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ //
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි



ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය - ආර්. මුත්තුසාමි
ගී පද - කරුණාරත්න අබේසේකර
'අල්ලපු ගෙදර' චිත්‍රපටියෙන්


වීඩියෝව මෙතනින් බලන්න

Comments