සුදු බිත්ති හැඩ කෙරූ - සනත් නන්දසිරි | Sudu Biththi Hada Keru - Sanath Nandasiri - sinhala lyrics


සුදු බිත්ති හැඩකෙරූ කුරුටු ගී සිනාසී..
තව කලක් රැදෙනු ඇත ඔබ ද මට වද දිදී..
පාසලේ ප්‍රේමයට නැවතීමේ ලකුණ විත්..
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී..//

එකට වන පොත් කෙරූ එකම තක්සලාවේ..
අප කවුද සිප්හලේ ඉතිහාස කතාවේ..
අපට යලි හිමි නොවන සෙනෙහසේ නිවහනෙන්..
තණ පළස අරලියා සෙවන තනි උනාවේ..

පාසලේ ප්‍රේමයට..

නිමාවක් නැති බැඳුම් දෙසිතේම සඟවලා..
වේලාව නොමගෙවා ගුරු සිත ද නොරිදවා..
පන්හිදට පොත්වලට ජීවිතෙන් පිදුම් දී..
කඳුලකින් සමුගනිමු අපට අප හිමි නොවී..

පාසලේ ප්‍රේමයට...

ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර


වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha

Comments