උඩ රට නිළිය හැඩ වගේ - ඇනස්ලි මාලෙවන | Uda rata niliya hada wage - Annesley Malewana


උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හිටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ

සිංහල ජාතියට ගරු සර
ලබා දෙවන උඩ රට නිළිය //
ඔබෙ සියුමැලි මද සිනාව
රන් පැහැ දෙතොලට ගෙනාව //
ඔබෙ රතැඟිලි සැලෙන හැටි අගේ

උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හිටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ

බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන්මත් කරලා //
සොඳුරු නිළිය අගනා ළිය
උඩ රටටම හැඩකාරිය //
ඔබෙ රතැඟිලි සැලෙන හැටි අගේ

උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හිටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ //


ගායනය - ඇනස්ලි මාලෙවන
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Rukshan Karunanayake

Comments