එදා වාගේ අදත් - සෝමතිලක ජයමහ | Eda Wage Adath - Somathilaka Jayamaha - sinhala lyrics


එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා..
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා..
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා..
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා..
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

අනාගත වාලුකා කතර මැද තනිවෙලා..
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා..
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

එදා වාගේ අදත්...

ගායනය - සෝමතිලක ජයමහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගී පද - ප්‍රසන්න චන්දන බණ්ඩාර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Achala Thushara

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...