හැමදේම වෙන්නෙ හොදටයි - සුනිල් පෙරේරා (ජිප්සීස්) | Hamadema Wenne Hodatai - Sunil Perera (Gypsis) - sinhala lyrics


හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි...//

ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මම
රස්සාවක් කෙරුවා..
කොම්පැනි ලොක්කා කේලම් අහලා
මාව දොට්ට දැම්මා..
ජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියා..
ඔහොම ඉන්නකොට බිරිදගේ කීමට
පොඩි කඩයක් ඇරියා..
ටික ටික දියුණු වුනා සැප සම්පත් හැම ලැබුනා..
එදා ජොබ් එකෙන් මාව අස් කලේ
හොදටයි මට හිතුනා..
මගේ හොදටයි මට හිතුනා...

හැමදේම වෙන්නෙ...//

හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න..
නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න..
කළබල වෙන්න එපා - කිසිවිට බිය වන්න එපා
එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න..

හදවතට සවන් දෙන්න - ඒ අනුව වැඩකරන්න..
හොදදේ කෙරුවොත් විපතක් සැපතට
පෙරලෙනවා ඔන්න..
ඒ බව දැනගෙන ඉන්න...

හැමදේම වෙන්නෙ...//

ගායනය : සුනිල් පෙරේරා (ජිප්සීස්)


 වීඩියෝව ගත්තෙ මෙතනින් - BAILA KING


Comments