ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ - රෝයි පීරිස් | Oba nesu kathawak kiyannam lande - Roy Peiris - sinhala lyrics


ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා //

මගේ සිත ගත් ළඳේ
පුන් පෝදා හඳෙන්
රුව අරගත් ඔබ
මට කියන්න කවුරුදෝ ඔයා //

කළුවර අහසේ
ලස්සන සඳ සේ
යාවෙමු රහසේ
නිරතුරු පැතු සේ

ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා

දිගු දෙනුවන් සරා
මුව හසරැල් පුරා
මට ආදරෙයිද
ඔබ කියන්න කාටවත් හොරා //

ආයෙත් හමු වී
දළු මල මම වී
රේණුව ඔබ වී
ඉමු අපි සැඟවී

ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා //


ගායනය - රෝයි පීරිස්
තනුව - රෝයි පීරිස්
පද - රෝයි පීරිස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Thanuja Dhananjaya

Comments