හිරු මිලින වී - රෝයි පීරිස් | Hiru milina wee - Roy Peiris - sinhala lyrics


හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ

පාසල නිමා වී අප ආ මගේ
තණ පියස වියලී මැලවී තියේ
ඒ මාවතේ අතු ඉති වැඩී
අද ඇහිරිලා නෑ පෙර ලෙසින්
නිමවන්න නම් මේ ලෙසින්
කිම වරද වූ මා අතින්

හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ

ඔබ මට මිමිනූ වදන් පෙම් වැකි
මේ පාළු යාමේ සෙමින් යයි මැකී
ඒ වේදනා හද පාරනා
පිරිසිදු වුවත් මගෙ චේතනා
රිදවන්නෙ ඇයි මේ ලෙසින්
කිම වරද වූ මා අතින්

හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ


ගායනය, සංගීතය, ගී පද - රෝයි පීරිස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments


  1. මේ තියෙන්නේ අපේ අලුත්ම සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
  2. "නැලවී තියේ" නෙවේ "මැළවී තියේ"

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...