ඔබගෙන් තරම් - චිලී තිලංක | Obagen Tharam - Chillie Thilanka, Rosi - sinhala lyrics


තුරුලේ නිතර සතපා..
පැතු ලෝකෙ මට ගෙන ආ..
හරි ලස්සනයි ඔබගේ ආදරේ මට නම්..
දෑත මගෙ පටලා - දුර ඈත යමු දෙදෙනා
මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්..

ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ..
මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ...
ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ..
මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ..

රැදිලා මේ හිත මානේ..
හැමදා මා පණ වාගේ..
ඔබමයි මාව ජීවත් කලේ..
කිසිදා නෑ හැර යන්නේ..
හිතෙනා කල් දිවි මාගේ..
ආසයි ඉන්න දැවටී හදේ..

ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ..
මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ...
ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ..
මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ..

දැනෙනා සිතල යාමේ..
හැමදා ඉන්නට ඕනෙ..
සිනහා පැළඳ මුවගේ මගේ..
උපමා නෑ පබඳින්නේ..
ඔබමයි මා නමදින්නේ..
අපගේ ප්‍රේම පූජාසනේ..

තුරුලේ නිතර සතපා...

ගායනය : චිලී තිලංක, රෝසි
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : කේෂාන් පෙරේරා


වීඩියෝව ගත්තෙ මෙතනින් - MEntertainmentsPL



Comments