සිනාසෙන්න මා දිහා බලා - විජය බණ්ඩාර වැලිතුඩුව | Sinasenna ma diha bala - Wijaya Bandara Welithuduwa


සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ
මට වේදනා දෙන්නෙපා //

ගංගා ගලාවී සඳ රැස් වැටේවී අප හා බැඳී
අමනාපයෙන් ඇයි දෝ මෙසේ
අමනාපයෙන් ඇයි දෝ මෙසේ
නෙතේ කඳුළු බිඳු තැවරී මහදේ සැලේ

සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ
මට වේදනා දෙන්නෙපා

ඔබගේ හදේහී රිද්මේ අසා දෝ තුරු වැල් සැලේ
සුවඳක් දැනේ වන මල් පිපී
සුවඳක් දැනේ වන මල් පිපී
සිතේ තිබෙන දුක නැතිවේ මේ රාත්‍රියේ

සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ
මට වේදනා දෙන්නෙපා //


ගායනය - විජය බණ්ඩාර වැලිතුඩුව
තනුව - නිහාල් ගම්හේවා
ගී පද - නිහාල් ගම්හේවා




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinesh Nuwan

Comments