සියල්ල ඉදිරී - සුනිල් එදිරිසිංහ | Siyalla Idiri Gara Watunu Da - Sunil Edirisinghe - sinhala lyrics


සියල්ල ඉදිරී ගරා වැටුණ දා..
ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම.. 
දැන හඳුනාගත් තනිකම නුඹටත්..
මා හැර යන්නට සිදුවේ නැවතත්..

ප්‍රේමතාපයෙන් පරමල් යහනට
තවත් ලදක් එයි හෙට දවසේ..
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙලෙසේ..

සියල්ල ඉදිරී ගරා වැටුණු දා...

ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ලදක් නිසා..
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතරමායිමෙන් එහා නොයා...

හිටපන් තනිකම - මගෙ ගෙයි මිදුලෙම
හතරමායිමෙන් එහා නොයා...

ගායනය - සුනිල් එදිරිසිංහ
සංගිතය - එච්. එම්. ජයවර්ධන
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්


 වීඩියෝව ගත්තෙ මෙතනින් - priyadarshana wijepala

Comments