කුමරියක පා සළඹ සැලුණා - ඩබ්ලිව්. ඩී. අමරදේව | Kumariyaka Pa Salaba Saluna - W.D.Amaradewa - sinhala lyrics


කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..

ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...