පාරමී දම් පුරමු අප දෙදෙනා - නීලා වික්‍රමසිංහ | Paarami Dam Puramu Apa Dedena - Neela Wickramasinghe - sinhala lyrics


පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා...

ගවුම් පොඩියක් මටත් අන්දා..
කොණ්ඩ කරලක් හිස පලන්දා..
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන්න
මටම ඔබ අයියණ්ඩියක වීලා
ජාති ජාතිත් සංසාරේ...

පාරමී දම් පුරමු...

ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ..
පූර්ව ආත්මෙක සංසාරේ...

පාරමී දම් පුරමු...

ගායනය : නීලා වික්‍රමසිංහ
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - manel08uk


Comments