සහසක් පැතුමන් - සනත් නන්දසිරි | Sahasak Pathuman - Sanath Nandasiri - sinhala lyrics


සහසක් පැතුමන් නැත මා පැතුවේ..
එකම පැතුම පමණකි හිත රැදුනේ..
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ..
මතකයි සිරි දළඳා වැන්දා...
මතකයි සිරි දළඳා වැන්දා...

ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු
පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ..//
එකම පැතුම කඳුලට හරවා
මතකයි ඔබ පාමුල වැටුනා...
මතකයි ඔබ පාමුල වැටුනා...

සහසක් පැතුමන්...

අහිමි සැපත මිහිරී සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා..//
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්...
අදට වඩා අනුකම්පාවෙන්...

සහසත් පැතුමන්...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි



වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA‍)

Comments

  1. ඔබ මේ නොකඩවා කරගෙන යන මෙහෙවර අගය කරමි!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ දිරිගැන්වීමට..,!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...