සිලි සිලි සීතල ඇල්ලේ - රාජ් සෙනෙවිරත්න | Sili Sili Seethala Elle - Raj Senevirathne - sinhala lyrics


සිලි සිලි සීතල ඇල්ලේ...
දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
නැහැවෙමු මේ කඳු නිල්ලේ...
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//

මිහිදුම් සළුවේ දැවටී නැළවී,
ලා දළු තේ පඳුරේ...
හිමිදිරි සීතල කඳුකරයේ,
හමුවෙමු අපි දෙන්නා...

සිලි සිලි සීතල ඇල්ලේ...

නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
මුතු පාවඩ අතුරා...
සිතු පෙම් මෝහන රජ දහනේ,
හමුවෙමු අපි දෙන්නා...

සිලි සිලි සීතල ඇල්ලේ...

ගායනය - රාජ් සෙනෙවිරත්න
තනුව - ස්ටැන්ලි පීරිස්
පද රචනය - අජන්තා රණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - 550accent


Comments