පාලු අඳුරු නිල් අහස මමයි - ඩබ්.ඩී. අමරදේව | Palu anduru nil ahasa mamai - WD Amaradewa - sinhala lyrics


පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

කැළෑව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි


ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගමසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - sakwalihini

Comments