සුදු මුතු රළ පෙළ - ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ | Sudu Muthu Rala Pela - T.M.Jayarathne, Neela Wickramasinghe - sinhala lyrics



සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ 
ඔබ මට තිලිණ වෙලා..

යුගදිවි වැල්ලේ අඳුරු ඉස්සව්වේ
මුකුලිත සිතැඟි සලා
අරුණැල්ලක්සේ....
අරුණැල්ලක්සේ  නුඹ මිණ පායා
සනහස ජනිත කළා...

සුදු මුතු රළ පෙළ...

සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙමි සරණ සොයා
පවනැල්ලක්සේ....
පවනැල්ලක්සේ නොම හැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා..

සුදු මුතු රළ පෙළ...

ගායනය - ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ
තනුව - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ
“ආදර හසුන“ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya


Comments

  1. කැමතිම ගීයක් සහෝ ....
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත...මේ දවස් වල පෞද්ගලිකව මමත් :) කැමතිම ගීයක්..!!!

      Delete
  2. මගේ ජීවිත කාලය තුළ රස විඳි ඉතා ඉහල ගණයේ චිත්‍රපටි පසුබිම් ගීතයක් ලෙස මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ප්‍රේමාවනද්ධ හැඟීම් ඉතා සරලව සහ රසවත්ව ඉදිරිපත් කරනවාත් හැර, යටිපෙළින් දෙන සිත කුල්මත් කරන ශෘංගාරයද ඉතා විශිෂ්ඨයි. එච්.ඩී. ප්‍රේමරත්න නමැති, අපට අහිමිවූ අග්‍රගන්‍ය කලාකරුවා ගේ සෑම චිත්‍රපටියකම පාහේ ඉතා අගනා පසුබිම් ගී ඇතුළත් වුණා.

    මේ ගීතයේ තවත් සුවිශේෂී කරුණක් සැඟවී තිබෙනවා. මේ තමා, ටී.එම්.ජයරත්න මහතා සහ නීලා මවික්‍රමසිංහ මහත්මිය ගැයූ, අවසාන යුග ගීය. මේ ගීතය ගැයීමෙන් පසු, අතිශයින් පෞද්ගලික හේතු නිසා, ඉන්පසු කවදාවත් මේ දෙදෙනා චිත්‍රපටියකට හෝ සරල ගීත වශයෙන් හෝ යුග ගී ගයා නැහැ.

    ReplyDelete
    Replies
    1. විචාරකගේ, විචාරයක් කියවන්න මමත් ආසාවෙන් ඉන්නේ නිතරම...
      අදත් රසවත් ආරංචියක් බොහොමත්ම ස්තූතියි..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...