සිත ඔබ ගැන අසනා - සමිත් සිරිමාන්න | Sitha Oba Gena Asana - Samith Sirimanna - sinhala lyrics


සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා
මතකෙට තුරුළු වෙලා..
ඔබ සමඟින් ගත කල දින සිහිකරලා
තනියෙන් විදවමි මා..
මේ හිත මාගේ - සනසනු බෑනේ..
යලි පෙර වාගේ - ඔබ එන්නෑනේ..
හමුවන්නට ආයේ...

ගෙවෙනා දිනයක් පාසා..
ඔබමයි පැතුවේ සැමදා..
යලි නෑ එන්නේ ඔබ මා..
සොයා කිසිදා...

පෙර හැම දිනයේ ඔබ හමුවන්නට
ඉවසුම් නැතිව ලදේ..
මඟ බලමින් සතුටින් සිටි තැන් අද
කදුලින් තෙමෙයි මගේ..
නොබලා යන රුව නොනැසී කටහඬ
මම අද ඉන්නේ කෙසේ..

ගෙවෙනා දිනයක් පාසා..

ඔය මුව තුරුලට ගත්විට මොහොතක
නෙත් දෙස බලා මගේ..
මතු හැම බවයෙම මගේම වනබව
මතකද ඔබ කීදේ..
මහමෙර වාගේ දැනුනා ඒ දේ
මටනම් ඒ මොහොතේ...

ගෙවෙනා දිනයක් පාසා
ඔබමයි පැතුවේ සමදා..
යලි නෑ එන්නේ ඔබ මා
සොයා කිසිදා...

සිත ඔබ ගැන අසනා...

ගායනය : සමිත් සිරිමාන්න
පද රචනය :
සංගීතය : දිමංක වෙල්ලාලගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Nuwan Fernando



 

Comments

  1. Aiye a song ekata mama godaak kemathi aththatama. Good luck

    ReplyDelete
  2. Aiye a song ekata mama godaak kemathi aththatama. Good luck

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...