මා හඬවලා හදවත සලා - ග්‍රේෂන් ජයමහ | Ma handawala hadawatha sala - Greshan Jayamaha - sinhala lyrics


මා හඬවලා හදවත සලා
පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා

සිත පිබිදී නෙතු පැහැදී
ඔබ හමු වී සුවඳ දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා

මා හඬවලා හදවත සලා
පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා

හද උදුරා ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරෙන් හිරු පායනු බෑ
ඇය හා මා එක් වෙනු බෑ

මා හඬවලා හදවත සලා
පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද ආදරේ පිරී ඉතිරෙනවා


ගායනය - ග්‍රේෂන් ජයමහ
සංගීතය / ගී පද - රූකාන්ත ගුණතිලක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments