ඔබ මට තරුවකි - ලක්ෂ්මන් විජේසේකර, නිර්මලා රණතුංග | Oba mata tharuwaki - Lakshman Wijesekara, Nirmala Ranathunga - sinhala lyrics



ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා //

උපතින් උපතට චාරිකාවේ
දිවි මඟ ඔබ මා ළඟ උන්නා //
යුගයෙන් යුගයට මේ භවයේ මෙන්
යළි හමුවන්නෙමු අපි දෙන්නා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා

සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා //


ගායනය - ලක්ෂ්මන් විජේසේකර, නිර්මලා රණතුංග
සංගීතය - සෝමපාල රත්නායක
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී



වීඩියෝව ගත්තෙ මෙතනින් - යුග යුග රැඳි යුග ගී

Comments