පුරාණේ ඔබට පිදු ආලේ - රොහාන් ද සිල්වා | Purane obata pidu ale - Rohan De Silva - sinhala lyrics


පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //

ඔහු පතා සිත සිතා ඔබ
පෙර දිනේ හැඬුවා
ඔබ කතා නැති නිසා මම
නිහඬ වී සිටියා
ඒ දිනේ පවා නිහඬ වී සිටියා

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා

අද මෙමා ඇය තුරුල්ලේ
සැනසෙමි මෙලෙසේ
පෙර දිනේ මගෙ දුක මතක් වී
සිත හඬයි රහසේ
මටම අනුකම්පා වී සිත හඬයි රහසේ

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //


ගායනය - රොහාන් ද සිල්වා
සංගීතය, ගී පද - රූකාන්ත ගුණතිලක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments