මල් මල් වාරම් - සුනිල් සාන්ත | Mal mal waram - Sunil Santha - sinhala lyrics


මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

හෙළ මල් රඟ දී පිපී නටනවා
තිසා වැවේ ඉවුරේ
රතඹල රදලිය රජලිය වෙනවා
සීගිරි ගිරි මැදුරේ
සමනොල කන්දේ උඩවැඩියා මල
සීතලයෙන් පිපිරේ
මිහින්තලාවේ ගල මලින් පිරීලා
සේදේ සිල් මිහිරේ

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

බඹරා බඹරී නුරා නුරාගය
ඉබේ බිඳී යනවා
මී මී පැණි පැණි වද වද රොද රොද
ඉබේ බැඳී යනවා
මුළු ලොව සත්නගෙ විඩා කඩා හැර
කුසුමින් නැහැවෙනවා
කවියෙන් ගීයෙන් විරිතින් තනුයෙන්
අළුත්වැ පණ එනවා

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

හිරු රැස් නාමින් නෙළුම් පිපීලා
පොකුණු හිනා වෙනවා
මැයි ගස නන් සිරි පින් සිරි රුසිරින්
මනමාලිය වෙනවා
බඳු වද කිණිහිරි ඉද්ද සමන් මල්
තරඟෙට පිබිදෙනවා
මල් මල් මල් මල් දෙගොඩ තලා මල්
ගඟක් ගලා එනවා

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ


ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - කැලිස්ටස් ජයසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments

  1. හොඳ ලිරික්ස් කලෙක්ෂන් එකක් හැදෙනවා මෙතැන - හරේ මේ කරන වැඩෙන්...!
    ජයවේවා !!

    ReplyDelete
  2. Replies
    1. ෆේස්බුක් ගෘප් තියෙනවා සින්දුවල තේරුම් කතාකරන. එහෙම එකකින් අහන්න.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...