මිහිමඬලේ අඳුරු කුසේ - නන්දා මාලනී | Mihimadale Anduru Kuse - Nanda Malani


මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා...

සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා..
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා...

මිහි මඬලේ අඳුරු කුසේ...

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා...
උදා ගිරෙන් ලොවට වඩින..
ලහිරු මඬල අම්මා...

මිහි මඬලේ අඳුරු කුසේ...

ගායනය : නන්දා මාලනී
පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

Comments

  1. මෙහි පද රචකයා වන්නේ ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතායි..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..වෙනස් කලා :)

      Delete
  2. ලොවට අදින නෙවෙයි . ලොවට වඩින :)

    සඳ නැති රෑ සක්වල තරු
    එළිය කරන අම්මා...
    උදා ගිරෙන් ලොවට අදින..
    ලහිරු මඬල අම්මා...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...