අමතලා ආයේ අමතලා - උදය ශ්‍රී වික්‍රමසිංහ | Amathala Aye Amathala - Udaya Sri Wickramasinghe - sinhala lyrics


ඇයි මේ ආයේ අමතලා..
දෙන්නේ හේතු කාරණා..
ජීවිතේ මාගේ අවුලුවා..
කෙලෙසදෝ ඉන්නෙ හිනැහිලා..

ඇයි මා තනිකලේ...නැතිවදෝ ළය උණුවුනේ..
අමතලා - ආයේ අමතලා..පාරනා වේදනා..

අමතක කරගන්නට බෑ මතකය
අපමණ වෙර දැරුවා..
ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම
යලි ඔබ සිහිවෙනවා..

වෙන් වූ දින එසේ..
තිබුනේ නෑ රැය මගේ..
අමතලා - ආයේ අමතලා..
පාරනා වේදනා..

මැලවුනු හිතලඟ හදවත රිද්මේ
තවදුරටත් තිබුණා..
සෙනෙහස ගැඹුරේ ඔබ නැති පතුලේ
අඳුරට හුරු වූවා..

පෙරදිනේ හුරු ලෙසේ..
ආවේ ඇයි සවනට මගේ..
අමතලා - ආයේ අමතලා..
පාරනා වේදනා..

ඇයි මේ ආයේ අමතලා...

ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කුෂාන් මනේද්‍ර
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV


Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ බ්ලෝග් එකට posts දාන්න membership ගන්නේ කොහොමද ?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...