අම්මා සඳකි - ටී.එම්.ජයරත්න | Amma Sandaki - T.M.Jayarathne - sinhala lyrics


අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී...
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි..
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..
පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී..

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..

මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ..
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..

ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : මාලනී ජයරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Hemantha

Comments

  1. පිය ගුණ සිහිවෙන හොඳම ගීයක්
    ජය!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...