දුකේදී හැඬුමට - ටී. එම්. ජයරත්න | Dukedi Hadumata - T.M.Jayarathne - sinhala lyrics


දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ හිදන්..
තවත් අම්මා කෙනෙකු ඇත්නම්..
නුඹයි ඒ අම්මා...සොදුරියෙ
නුඹයි ඒ අම්මා...

අහස මෙන් ලත් චෝදනා..
පොළව මෙන් දුක් උහුලනා..//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා..
සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා..

දුකේදී හැඬුමට...

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා..//
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ..

දුකේදී හැඬුමට...

ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : ශිලා ගම්වර
සංගීතය : සරත් දසනායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Naddera Samarasinghe


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...