සැනසුම් සුසුමන් - ටී.එම්.ජයරත්න | Sanasum Susuman - T.M.Jayarathne - sinhala lyrics


සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා //
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා //

රෑ සඳ පානේ සීතල පවනේ
නාමල් අරණේ - ලා දළු සෙවනේ
මා ලයකර ඔබගේ සුව යහනේ
ගෙවූ අතීතය මතකද මිහිරේ
ගෙවූ අතීතය මතකද මිහිරේ

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා

දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙතු අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා
ඈ එනතුරු මා තනිවීලා

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා

ගායනය - ටී. එම්. ජයරත්න
පද රචනය - රංජිත් වීරසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස


වීඩියෝව ගත්තෙ මෙතනින් - Mara Videos 2

Comments

  1. ගෙවූ අතීතය මතකද මිහිරේ... විදියට වෙනස් වෙන්න ඕනෙ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...