සුළඟ නුඹ වගෙයි - කරුණාරත්න දිවුල්ගනේ | Sulaga Nuba Wagei - Karunarathne Diulgane - sinhala lyrics


සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි..
වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි...

සිත තනිකලෙත් නුඹයි..
පසු පසම එලව එලවා විත් 
සැනසුවෙත් නුඹයි..
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි..

සුළඟ නුඹ වගෙයි...

සිත හැදිනුවෙත් නුඹයි..
මගෙ සිතේ සියුම් තැන් සොය සොයා
රිදෙව්වෙත් නුඹයි..
ඒත් නුඹෙන් සිත නොබිදේ
පුදුමයක් තමයි..

සුළඟ නුඹ වගෙයි...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලනී පෙරේරා
සංගීතය : ගුණදාස කපුගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Thanuja Dhananjaya


Comments

  1. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ අගනා ගායකයා යලිත් ගීත ලෝකයට එනවනම් හොඳයි. දේශපාලනය හිතේ විතරක් තියාගෙන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි හැමෝගෙම ආරාධනය මේ අසාහය ගායකයාට නැවත එන්න...

      අපි වගේම පසුගිය දවසක රත්න ශ්‍රී වැඩසටහනකදි කියනවා
      “අවුරුදු 9ක විශ්‍රාම දිවිය නිමා කරල නැවත එන්න...මොකද වල්බිහිවේගෙන එන අවරසිකත්වය වර්ධනය වන රසික සමාජයේ සංගීත සාහිත්‍ය ක්ෂේත්‍රයට ඔබේ ආගමනය අත්‍යවශයයි මේ කාලය..
      ඒ නිසා දිවුල් වැඩ පටන්ගන්න..“

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...