නොබලා මා දිහා (සිනාවන් ගෙනා) - රයිනි චාරුකා | Nobala Ma Diha (Sinawan Gena) - Raini Charuka - sinhala lyrics


නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා...

සිනාවන් ගෙනා - වසන්තේ දමා
කොහේ යන්නදෝ - පියාඹලා..
ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා
මගේ ජීවිතේ - වගේ ඔයා..

පෙම්කෙරුව ඒ අතීතේ වෙන්වී ගියා..
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා..
දැනෙනා මිලාන වේදනා..
සඟවා හිදින්න බෑ සදා
ඉකිගා හඬාන රෑ පුරා
පෙර පෑ සිනාව සේඳුනා..
බලාන ඉන්නවා සිතා...

සිනාවන්ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා

සන්තෝස යාමෙ රහසින් බොඳවී ගියා..
දුක්වින්ද කාලේ සැනකින් ලැබිලා මෙදා..
මතකේ තියාන කී කතා..
දිවියේ පුරාම ඉන්නවා..
මට දාලා යන්න බෑ ඔයා..
නොපමාව එන්න මා සොයා..
සමාව තියෙනවා සදා..

සිනාවන් ගෙනා - වසන්තේ දමා
කොහේ යන්නදෝ - පියාඹලා..
ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා
මගේ ජීවිතේ - වගේ ඔයා..

නොබලා මා දිහා...

ගායනය : රයිනි චාරුකා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : කපිල්


වීඩියෝව ගත්තේ මෙතනින් : sinhanada.net

Comments

  1. නියමයි ආ.........

    ReplyDelete
  2. \\ඔබ නොයනා නිසා කවුරුත් එපා
    තනිවීලා ඉන්නවා...//

    නොයනා කියන්නේ යන්නේ නෑ කියන එකනේ...
    යන්නේ නැති නිසා කවුරුවත් එපා කියන එක හරි...
    ඒත් තනි වීලා ඉන්ට වෙන්නේ නැනේ නොයනවා නම්...

    එතැන එන්නේ
    ඔබ නො එනා නිසා කියලා නෙමෙයිද?
    එහෙම වුණොත් එතකොට ඔක්කෝම ගැලපෙනවා...

    එන්නේ නැති නිසා කවුරුවත් එපා. තනි වීලා ඉන්නවා කියලා ගැලපෙනවා නේද???

    ReplyDelete
    Replies
    1. නොයන නෙමේ නොයෙනා නො+එනා

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...