ආශාවේ ආශාවේ පායා - එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද | Ashawe ashawe paya - HR Jothipala, Greshan Ananda - sinhala lyrics



ආශාවේ ආශාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ සිත
මී පැණි දේ මට තව ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

මා ඔබ හා අද යාළු වෙලා
ඒ සතුටේ සිත මෝදු වෙලා
මා සනසාලා මා සතපාලා
වෑහීලා හද ආරාධනා...
සීගිරියේ බිතු රූ විලසේ
මා මිතුරේ අපි යාළු වෙලා
ජීවිතයේදී මේ භවයේදී
පෑහීලා අපි ප්‍රේමේ රසේ...

සඳ පාන ලෙසට මේ
හිරු තාප මිහි තලේ
ඇති දාට හිතට ආදර සරණා
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ජීවිතයේ රස හා බැඳුණේ
ආදරයේ මුව ගෑ කොතැනේ
සාගරයේදී යා වෙමු පෑහී
ආසාවේ අපි ආදරයේ
ලෝකය මේ සැදුණේ තැනුනේ
ප්‍රේම දයා සෙනෙහේ මතිනේ
යාළුවනේ මේ මා හද යා වූ
ආසාවේ මන ආදරයේ

බැඳි දාට පෙම් ලොවේ
කුළ බේද ලෝකයේ
සිදු වූවෙ කොහෙද
නෑ කිසි සරණා
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ රැය
මී පැණි දේ මට තව ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ . . .

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ගායනය - එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - හේමසිරි හල්පිට

‘ඔබටයි පි‍්‍රයේ ආදරේ‘ චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Priyantha De Silva

Comments

  1. අහපු නැති සින්දුවක් දැම්මට ස්තූතියි

    ReplyDelete
  2. හිතට වැදුන නියම සින්දුවක් ....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...