පාළු සුසානේ ප්‍රේම පුරාණේ - එච්. ආර්. ජෝතිපාල ‍| Palu susane prema purane - HR Jothipala - sinhala lyrics


පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ...
ඔබට මතක නෑ...

ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු උනේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ...
ඔබට මතක නෑ...

මගෙ අත්තටු බිඳ පියා සරාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලාවී
කම්පා කරවා මහී තලේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ...
ඔබට මතක නෑ...

දෛවය මෙය නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිණි මා ළයේ
ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ...
ඔබට මතක නෑ...


ගායනය - එච්. ආර්. ජෝතිපාල
සංගීතය - සරත් ද අල්විස්
පද රචනය - අජන්තා රණසිංහ
ඔබට දිවුරා කියන්නම් (1985) චිත්‍රපටයෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Janaka Boralessa

Comments

  1. චිත්‍ර‍පටිය අම්මේ ඔබ නිසා

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙමද? මේක අපි ස්කූල් කට් කරලා බලපු මුල්ම එක. ස්තුතී වේවා...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...