ආදරේට කියන කතා - ක්ලැරන්ස් විජේවර්ධන | Adareta Kiyana Katha - Clarence Wijewardhana - sinhala lyrics


ආදරේට කියන කතා බොලඳ වුනාට..
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... //

තටු සිඳිලා.. වැලපෙනවා..
සිත බැඳිලා.. හිනැහෙනවා..
මල් ඇතුරූ.. සුව යහනේ..
මල් අතුරා පවන් සැලු..
ආදරවන්තයින් පෙලූ..
බොලඳ කතා...

ආදරේට කියන කතා... //

මල් ගොමුවේ.. තුරු සෙවනේ..
හමුවෙනවා.. වෙන්වෙනවා..
උයන් කොනේ.. අවන් හලේ..
උයන් කොනේ හමුවෙනවා..
අවන්හලේ වෙන්වෙනවා..
බොලඳ කතා..

ආදරේට කියන කතා... //

ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Songs

Comments

  1. කවදාවත් අමතකවෙන්නේ නැති අපේ සදාදරණීය සංගීතඥයා. ක්ලැරන්ස්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...