සතුට මාගේ රැගෙන ඔබ දැන් - බාචි සුසාන් | Sathuta Mage Ragena Oba - Bachi Susan - sinhala lyrics


සතුට මාගේ රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ..
නිතර තිබුනේ සැකය ඔබගේ
මා නොවේ බොරු කලේ..
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ
හැර ගියේ ඔබනේ..

වචනයෙන් ඔබේ කළ ආදරේ
හැබැහින්මයි සිතා..
අපෙ ආදරේ වෙනුවෙන් මගේ
හැම දේ කැප කලා..
ළං වුනේ - හිත මගේ
රිදවා රවටා යන්නදෝ..

සතුට මාගේ...

වෙනසක් නොවේ මතුදා ඔබේ
මතකයේ නැවතිලා..
තනියෙන් මගේ දෙනුවන් ඉබේ
පියවී යයි සදා..
ඒ දිනේ - ළඟ මගේ
මොහොතක් ඇවිදින් යනවාදෝ..

සතුට මාගේ...

ගායනය : බාචි සුසාන්
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


 වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music 

Comments