දඟකාර හසපාන - චන්දන ලියනාරච්චි | Dangakara hasapana - Chandala Liyanarachchi - sinhala lyrics


දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ

පෙම්වන්තයින් සේ හමුවන්න නිසි සේ
සිතකින් බැඳී ඉන්නෙමී
හද අරණේ දොර ඇරී ඔබට ඉඩ ඇති
මල්සර අතරේ බැල්මක රැඳිලා
ආරාධනා ඔබටමයි

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ

මධු මල් පිපේවී විහඟුන් ගයාවී
පිපී මල් පරමල් නොවේවී
කවියක් සේ දැවටිලා ඔබ වෙත එන්නම්
සුවඳක දැවටී සුළඟේ පාවී
හද සනසනු හංස ලතාවී

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ


ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය, ගී පද - නිහාල් ගම්හේවා




වීඩියෝව ගත්තෙ මෙතනින් - damitah1


Comments