ගඟුලේ බිඳෙන හීන - දීපිකා ප්‍රියදර්ශනී | Gangule bindena heena - Deepika Priyadarshani - sinhala lyrics

<

ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ

පෙම පිදූ නොසංගා හී දැරූ අනංගා //

ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
කුල ගෙය දෙව් ලොව සදිසි
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ


තිසර තුඩග ලෙලෙන පියුම වාගේ
වෙලෙමි විඳිමි නිබඳ ඔබගෙ ආලේ //

ඔබ හා ආ මේ මං පෙත මාගේ //
ගම්දොර අහස වසන සරා සඳම වූයේ
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ


ගහට වැලට හැඬුම නොමැත ආයේ
සුළඟ විලස රැඳෙමි පෙනෙන මානේ //

මේ රජ දානේ බිළිඳෙකු දෑසේ //
හිමියෙනි කෙදින සිනහ ඉතිරෙද සිරියානේ

ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ

පෙම පිදූ නොසංගා හී දැරූ අනංගා //

ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
කුල ගෙය දෙව් ලොව සදිසි
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බන්දුල නානායක්කාරවසම්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music


Comments