හිමි නැති සෙනෙහේ - අසංක ප්‍රියමන්ත පීරිස් ‍| Himi nathi senehe - Asanka Priyamantha Peiris - sinhala lyrics


හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුණා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුණා
හිමි නැති සෙනෙහේ හදවත රන්දා

අතැඟිලි නොබැඳී සිත් අප එක් වී
මියෙන තුරා ළං වී හිඳිමු
නොදැනී කවුරුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු

හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුණා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුණා
හිමි නැති සෙනෙහේ හදවත රන්දා

ඉරණම විසඳී යළි අප හමු වී
දවසක් ඒවී ඔබ මගෙ වී
ඔබගේ සතුටයි මට නම් ඕනේ
ඒ ටික ඇති මියැදෙන්න කලින්
ඒ ටික ඇති මියැදෙන්න කලින්

හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුණා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුණා
හිමි නැති සෙනෙහේ හදවත රන්දා



ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය - දුලිප් මිරැන්ඩෝ
ගී පද - සත්සර කසුන් පතිරණ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...