ඈත කඳුකර හිමව් අරණේ - ඩබ්ලිව්. ඩී. අමරදේව | Etha Kandukara Himau Arane - W.D.Amaradewa - sinhala lyrics


ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ //

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ //
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

රනින් කල වන් පුළුල් උරයෙන් //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

ගායනය - පණ්ඩිත් අමරදේව
පද රචනය - මහගමසේකර
සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම



වීඩියෝව - deerslayer110


Comments

  1. ලදැළියන්ගේ සීන අතරේ ලෙස කියවිය යුතුයි.

    ReplyDelete
  2. නිවැරදි කලා. ස්තූති වේවා!

    ReplyDelete
  3. පිරීමියෙකුගේ රූප සොබාව ගැන වර්ණා කරන සහ ගායකයකු ගායනා කරන එකම ගීය.

    ReplyDelete
  4. පිරීමියෙකුගේ රූප සොබාව ගැන වර්ණා කරන සහ ගායකයකු ගායනා කරන එකම ගීය.

    ReplyDelete
  5. Appreciate what you do by posting these lyrics on the net for Free

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...